News

ෆෝන් එකෙන් විභාගේ ලියපු පාසල් සිසුවාට වැඩ වරදියි

ජංගම දුරකථන භාවිතා කරමින් සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයූ පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. …read more

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

අද (18) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙලෙස සහය පළකරනු ලැබීය.

ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත‍්‍රික් සංවිධායකවරයා ලෙස සුසිල් කරුණාතිලක මහතා ද අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගම්පහ දිස්ත‍්‍රික්කයේ හිටපු ප‍්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් අද (18) පස්වරුවේ ජනාධිපති නිල …read more

තෙවරප්පෙරුම තාප්පයක් ගලවයි – ජරාව කන මහ එවුන්ට දෙහි කපයි! (VIDEO)

පාලිත තෙවරප්පෙරුම කියන්නේ චන්ඩි චරිතයක් තියෙන අසාධාරණය වෙනුවෙන් කතාකරන පෙරළිකාර දේශපාලකයෙක් කියලා තමයි ජනතාව බොහෝ වෙලාවට දන්නේ. වරක් තම පක්ෂ නායක වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පවා පහර දීමට ඔහු පෙළඹුණු බව වාර්තා පල වුනා.

නමුත් අපි මේ කියන්න හදන්නේ පාලිතගේ චන්ඩි වැඩකටත් වඩා ජනතාව ගැන හිතලා කරපු හොඳ වැඩක් ගැන. ඒ යටගම්පිටිය මහා විද්‍යාලයේ ලක්ෂ 65ක් වියදමින් ඉදිවන පැති බැම්මක් නිසි ප්‍රමිතියෙන් තොරව ඉදි වන බවට ආරංචි වීමත් සමඟ එහි ගිය තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා එහි සිදුවන අකටයුත්ත ජනතාවට හෙළි කිරීමට කටයුතු කළා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ සමෘධි නිලධාරියකු විසින් සිදු කරනු ලබන අතර. මේ සිදුවීම පිලිබඳ තෙවරප්පෙරුම …read more

ගම්මන්පිලට තියෙන්නේ මොලේ අමාරුවක්… නෙලුම් කුළුණ ගැන ව්‍යාපෘති නිලධාරියා ඇත්ත කියයි..

ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම උසම කුලුණේ පෙතිවල වර්ණය පිළිබඳව මේ වන විට සමාජය තුල විශාල කතාබහකට ලක්ව තිබෙනවා. මෙලස නෙළුම් මෙලෙහි පෙතිවල වර්ණය දිවා කාලයේදී රතු පැහැයෙන් දිස්වන අතර රාත්‍රී කාලයේ දී නෙළුම් කුලුනෙහි පෙතිවල වර්ණය කොළ පාටෙන් ආලෝකවත් වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මුද්‍රත මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා.

එසේම කොළ පාටින් ආලෝකවත් කර තිබෙන ලෝකයේ එකම නෙළුම් මල මෙය බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ලකුණ පොහොට්ටුව වීම නිසා නෙළුම් කුලුනෙහි මල් පොහොට්ටුව කොළ පාටින් අලෝකවත් කර එමඟින් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බොළඳ උත්සාහයක …read more

මෙරට පාපන්දු ශූරී පී.ඩී.සිරිසේන අවසන් ගමන් යයි

මෙරට පාපන්දු ඉතිහාසයේ දක්ෂම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන පී.ඩී. සිරිසේන අද (18) අභාවප්‍රාප්ත වුණා.

ඒ ඔහුගේ 77 වන වියේ දී.

පී.ඩී. සිරිසේන යනු ආසියානු පාපන්දු සම්මේලනයේ පාපන්දු උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා ජාතික පාපන්දු සම්මේලනයේ පුහුණුකරු ද වනවා. …read more

නාමල් අයියා හොදායි.. බොන්නෙත් නෑලු..පෙම් සභදතාවයේ ඇත්ත නැත්ත මාධවී ඇන්තනි හෙළිකරයි .!

මාධවී ඇන්තනි.. නම කියූ පමණින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා, නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ. මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් , නාමල් රාජපක්ෂ අතර තිබෙනවා යැයි කියූ ප්‍රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා. පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා,

එම සංවාදය පහතින්

මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ?
ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමති නැහැ. මටම කියලා …read more

විවිධ පුද්ගලයන් සමග කටුයුතු කළ යුතු ආකාරය පැහැදිළි කරන පාඨලි අමාත්‍යවරයා (VIDEO)

මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බිහිවිය හැකි හවුල් පාලනයන් පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (18) මාධ්‍යවේදින් වෙත අදහස් දැක්වුවා.

ඒ, මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වනු ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මහනුවර ප්‍රදේශයේ පවතින සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබී …read more